Friday 14 September 2012

ඉහළ නිලධාරීන් 33කට වහාම මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලීසියේ 33 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරු 4 ක් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරු 7 ක්,පොලිස් අධිකාරීවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරී වරුන් 6 දෙනෙකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කළේය. එම නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු ද ස්ථාන මාරු කර ඇති බවයි. ඊට අමතරව පොලිස් පරීක්ෂකවරු 11 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකු ද ස්ථාන මාරු කර ඇති බව එම නිවේදනයේ සඳහන් ය. මෙලෙස ස්ථාන මාරු කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරු වන්නේ ජයන්ත කුලතිලක, ඩී.ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න, රවී විජේගුනවර්ධන සහ එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ය. සේවා අවශ්‍යතා මත අදාළ ස්ථාන මාරුවිම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment