Friday, 14 September 2012
වාහන ලියාපදිංචිය ගැන තොරතුරු අන්තර්ජාලයෙන්
වාහනයක ලියාපදිංචිය ඇතුළු සියලු විස්තර ඉන්ටර්නෙට් මගින් දැන ගතහැකි නව වැඩපිළිවෙළක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබ තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසූවේ, වාහන මිලදී ගන්නා පුද්ගලයින් වංචනිකයින්ට හසුවීම වළක්වාලීම එහි අරමුණ බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.motortraffic.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු පිළිබඳ දැනුවත් විය හැකිය.
ඒ සඳහා රුපියල් 500 ක ගාස්තුවක් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවිය යුතු වේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මේ යටතේ වාහනයේ මාදිලිය, වර්ණය, ඇතුළු තොරතුරු මෙන්ම ලියාපදිංචිය පැවරීම්වලට අදාළ තොරතුරු ද දැනගත හැකි බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment