Sunday, 16 September 2012

රතිඤ්ඤා ලොරිය ගිනිගෙන 5 කට තුවාල

ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රදේශයේ දී රතිඤ්ඤා ප්‍රවාහනය කළ ලොරි රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි. අද පස්වරු 1.30 ට පමණ සිදු වූ මේ අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

No comments:

Post a Comment