Friday 21 September 2012

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් සාංචි නුවරට ඇතුළුවීමට තැත් කළ තමිල්නාඩු එම්.ඩි.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයි. ගෝපාලසාමි හෙවත් වයිකෝ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරිකයින් 750 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය සන් රූපවාහිනිය වාර්තා කළේ වෙදුදළෙයි සිරිතෙගල් පක්ෂයේ නායක තොල් තිරුමාලවන් ද , කුන්නූර්හි විරෝධතාවයක නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි. වයි ගෝපාලසාමි හෙවත් වයිකෝ ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනුණේ සාංචි නුවරට ආසන්න සින්වාරා මධ්‍ය ප්‍රදේශයේ මායිම අසලදිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාංචි නුවර ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීමේ උත්සවයට සහභාගීවීම සඳහා අද එහි පැමිණි බැවින් විරෝධතාකරුවන් එම නුවරට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ. මේ අතර චෙන්නායිහි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටද වෙදුදළෙයි සිරිතෙගල් පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිරිසක් අද විරෝධතාවයේ නිරත වී තිබේ. චෙන්නායි නගරයේ පිහිටි භාරතීය ජනතා පක්ෂයේ කාර්යාලය වට කළ විරෝධතාකරුවන් 70 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්ය.

No comments:

Post a Comment