Friday 21 September 2012

අප ගමන්ගන්නේ ශ්‍රේෂ්ඨතම වූ මහාලින්ගම්ලාගේ පසු පස - අමිල හිමි

ඡායාරූප සංස්කරණය) විශ්වවිද්‍යාල ආචාර්ය සිමිති සම්මේලනය මෙම සටන ආරම්භ කළේ මහාචාර්ය මහාලින්ගම් වැන්වුන් තම පරමාදර්ශය කරගනිමින් බවත් ඔවුන් වැනි ශ්‍රේෂ්ඨතමයන් නිරිමාණය කිරීමට බවත් ඔවුන් ගත් මග යන්නට බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසති. උන්වහන්සේ මේ බව පැවසූවේ එම ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊයේ (20) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ජන රැලියක් අමතමිනි. උන්වහන්සේ එහිදී දැක්වූ අදහස් පහත පළවේ. "මට මත‍කෙට යනවා මීට දශක හතරකට හෝ පහකට කලින් එන්ගලන්තේ ඇව්රෝ කියන ගුවන්යානා හදන සමාගමට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුනා. ඒ ප්‍රශ්නෙ තමයි ඒ හදන ගුවන්යානාවල එන්ජින් එකේ කම්පනයක් ඇතිවෙලා තිබුනා. ස්ටාට් කළාම නියම හඬ නෙවෙයි එන්නේ වෙන ටියුන් එකක් එන්නේ. මේක හොයාගන්න බැරුව ඇව්රෝ සමාගාම මුළු ලෝකෙ පුරාම කරක් ගහලා කරක් ගහලා හතර ගාටෙන් වැටිච්ච වෙලාවක මේ අපේ රටට ඒ ගුවන් යානයේ ඇජින්එ‍කේ තියෙන ට්‍රබල් එක හොයාගැනීම පිළිබඳව විශේෂ ආරාධනාවක් එනවා විශේෂ පුද්ගලයෙකුට හා විශේෂ තැනකට. මේ ඇන්ජින්එකේ ට්‍රබල්එක හොයාදෙනු මැණවි කියලා. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ඔස්සේ ඒ නියම ගනුදෙනු ඔස්සේ ගෞරවය සහිතව නිසි ආරාධනාවක් එනවා. එංගලන්තයේ රජයෙන් ආපු එම ආරාධනාව මීට දශක හතරකට හෝ පහකට කලියෙන් ආවේ. අද මේ බඩී රැලි නෙවෙයි මෙම රැලිය මෙගාර්එකේ සංවිධානය කරන්න නායකත්වය දීපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයට තමයි එදා ඒ පණිවිඩය ආවේ. ඒ ආරාධානාව ආවේ ඇවුරෝඑකේ යානේ මේ දොසයේ මූලය හොයලදෙනු මැනවී. එයට විදඳුමක් හොයලදෙන්න කියලා ඉල්ලුවේ එදා තමයි. ඒ තමයි යාන්ත්‍රික ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙකු හැටියට කටයුතු කරපු අද විශ්‍රාම සුවයෙන් ජීවතුන් අතර තවමත් සිටින ඒ නුවර ප්‍රදේශයේම මේ ප්‍රදේශයේම තම වාසය බවට පරිවර්තනයකර ගත්ත ඒ මහාලින්ගම් මහාචාර්යතුමාට. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් තාරකාවක්. මර්වින් සිල්වා වගේ නෙවෙයි. මර්වින් සිල්වා යන කැලනියේ සිල්වා වගේ නෙවෙයි. එස්. බී. වගේ නෙවෙයි. මාතෘභූමියේ සුජාත දේශප්‍රේමීයෙක්. ඔහු ගියා ආරාධනාව බාරගත්තා ඉතාමත් හො‍ඳින් එංගලන්තෙට ගියා. ඇව්රෝ සමාගමට ගියා. ගිහිල්ල ඇන්ජින්එක බැලුවා. තට්ටු කළා. බැලුවා තමන්ගේ ඥානය මෙහෙයවලා. එස්. බී.ට යන විනාඩි දහයක්වත් ගියේ නැහැ. විනාඩි කිහිපයක් ඇතුළත ඇව්රෝ සමාගමේ සියලු ඉංජි‍නේරුවන් විශ්මයට පත්කරමින් එංගලන්තයේ, ඇමරිකාවේ, ප්‍රංශයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් විශ්මයට පත්කරමින් ඇව්රෝ ගුවන් යානයේ එන්ජින්එකේ ට්‍රබල්එක හඳුනාගෙන එයට අවශ්‍ය විසඳුම ඉදිරිපත්කළා ඉතාමත්ම කෙටියෙන්. ඒක කරලා එතුමා එන්න හදනකොට ඇව්රෝ සමාගමේ අය පාවඩ එලලා බොහෝම ගරු සම්පන්නව කිව්ව ඔබතුමා කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න. ඒක දෙනව හැරෙන තැපෑලෙන්. ඒක දෙනව මොහොතක්වත් ප්‍රමාද නොකොට. මහා බ්‍රිතාන්‍ය පුරවැසිකම ඔබට දෙන්නම්. අවශ්‍ය නම් ඇව්රෝ සමාගමේ අධ්‍යක්ෂකත මණ්ඩලයේ සාමාජිකත්වය. ඕන දෙයක් ඉල්ලන් දෙන්නම් කව්වා. මොකද්ද මෙතුමා කළේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගිය ගෞරව‍ය අත්පත්කර දෙමින්, ඒ වගේම ලාංකේය ධරණීතලයට සිය අභිමානය පෙන්නුම් කරමින් එදා ලැබූ අධ්‍යාපනයේ හරයාත්මක බව පසක් කරවමින් එදා ඒ මහාලින්ගම් මහාචාරය තුමා ඉල්ලුවේ, පුරවැසිකම මට එපා, ස්ටර්ලිංපවුම් මට එපා, අධ්‍යක්ෂක තනතුරු එපා, මට ඕන ඊට වඩා ලොකු දෙයක් ඒ තමයි ඇවුරෝ යානයේ එන්ජින්එකක් මට දෙන්න පෙරාදෙණියට, මව්බිමට ගෙනියන්න කියලා. ඔහු ඉල්ලුවේ එහෙමයි. ඔහු ඉල්ලුවා ඒ ඇව්රෝ සමාගමේ ඇන්ජින්එකක් අපේ අහින්සක සිසු දරුවන්ගේ නිම්වලලු න්‍යායාත්මකව පුළුල් කරන කොට එයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම දීමට එය ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ යාන්ත්‍රික ඥානය සපයන්න ඔබේ ඇව්රෝ ගුවන් යානයේ එන්ජින් එකක් අපිට දෙන්න කියලා. අරන් යන්න කියල දැවැන්ත ඇන්ජින් එකක් දුන්න. ඒ එන්ජින්එක තමයි අදත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන‍කොටම යාන්ත්‍රික අංශයට ඔබට දැකගන්න පුළුවන්කම ලැබෙන්නේ තඩි ඇන්ජින් මෝලක්. ඒ තඩි ඇන්ජින්එක ඇව්රෝ යානයේ ඇන්ජින් එක ඔබට දැකගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ගනු දෙනුව කරපු ආකාරය නිසා. මේ මොකක්ද මේ කතාව. මහාචාර්ය මාහාලින්ගම් තුමා දේශද්‍රෝහියෙක්ද? මහාචාර්ය මහාලින්ගම් තුමා එන්.ජී.ඕ. කාක්කෙක්ද? මහාචාර්ය මහාලින්ගම් තුමා එස්. බී. තක්කඩියෙක්ද? හොරෙක්ද? මාතෘ භූමියට සිය නිදහස් අධ්‍යාපනය මත පදනම් වෙච්ච රාජ්‍ය අධ්‍යාපනය හරහා තම නිම්වලලු දැනුමෙන් පුළුල්කරගෙන එහි ලබාගත් ප්‍රථිපළය මව්බිමට ප්‍රතිකාරයක් බවට පරිවර්තනය කිරීමට ඇපවෙච්ච එක, කැපවෙච්ච එක, කැපවූවන්, කැපවෙන පරපුරෙන් පැවතගෙන එන විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව අද තක්කඩිච? හොරුද? අපේ ගුරු වූ මහාලින්ගම්, අපේ පරමාදර්ශය මහාලින්ගම්, අප ගමන්ගන්නේ ශ්‍රේෂ්ටතම වූ මහාලින්ගම්ලගේ පසු පස. ඔවුන්ව තමයි අපි සරණ යන්නේ. ඔවුන් තමයි අපේ හදවතේ ගැඹුරුම තැනක අපි තැන්පත්කරගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි අධ්‍යාපනයට කෙලවෙනකොට අධ්‍යාපනය අර්බුධයකට යන කොට ඕක ඉවසන්නේ නැතුව මුහණට මුහුණ අකණ්ඩ අරගලයකට අද අපි එලඹිලා තිබෙන්නේ. ඒ දැවැන්ත යුග පුරුෂයන් අපට කියා දී තිබෙන පාඩම් ඉගෙන ගන්නකොට තමයි. ඔබ දන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යා‍ලය තිබෙන්නේ මේ මාධ්‍ය කඳුකරයේ. 1815 මාර්තු 02 සුද්ධ අපේ රට යටත්කර ගත්තා. අපත් යටත්වුනා. ඒ යටත්වෙකොට දේශපාලන නිදහස් අපේ නැතිවුනා. අපේ ආර්ථික නිදහස් නැතිවුනා. සමාජ සංස්කෘතික නිදහස අපේ නැතිවුනා. හැබැයි ඒ නැතිවෙච්ච මොහොතෙම නැතිවෙන බව දැනගෙන ඉතා කෙටි කාලයක් තුළ මේ කන්ද උඩරට සෙන්කඩගල පුරයේ අපේ මුතුන් මිත්තා ඔබේ ආදරණීය මුතුන් මිත්තා මොහොතක්වත් ඒ නිදහස අහිමිවීම ඉවසන්නේ නැතුව හැරෙන තැපෑලෙන් එක මොහොතකින්ම සටනට වැදුනා නිදහස් ඉල්ලා. ඒ නිදහස ඉල්ලා වැදුනු සටනේ කාහල නාදය මේ කඳු සිකර සිසාරා තවමත් ගමන්කරනවා. කඳුවලින් ගලන ඒ දියදහරාවල තවමත් ඔබේ ආද‍රණීය මුතුන්මිත්තාගේ නිදහස ඉල්ලා හෙලූ රුධිරය මිශ්‍රවෙච්ඡ ජල දහරා තවමත් ගමන්කරනවා. එහා පැත්තේ බෝගම්බර පිටියේ සටන් වැද මිය ගිය ඒ මහා විරුවන්ගේ රුධිරයෙන් තෙත්වෙච්ච වැලිකැට තමයි තිබෙන්නේ. ඒනිසා දෙවතාවක් හිතුවේ නෑ. කොළඹ හට්පිටියේ රැලිය කළා හිටුකියලා එකට එක හරියට තොම්සන් ඇන්ඩ් සැම්සන් වගේ හරියට කෙලින් හිටගෙන දෙවෙනි රැලිය ලෑස්තිකළා. ඒක බඩී නෙවෙයි මෙගා රැලියක් බවට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ නායකත්වය මත අද සිද්ධකරන්න පුළුවන්කම ලැබුනා. පේරාදෙනිය විශ්වවිදයාලයට එහි සම්පූර්ණ ගෞරවය හිමිවෙනවා. සිසු සියළුදෙනාමත් එකතුකරගෙන වෘත්තීය සමිති, අධ්‍යාපන සමිති සංගම් ඒ වගේම වෘතීයවේදීන්, දේශපාලන ධාරාව නියෝජනය කරන්නන් එකකුඩයක් යටතට එකතුකරගෙන දැවැන්ත රැලියක් අද පවත්වන්න පුළුවන්කම ලැබුනා. අද මේ රැලියෙන් පණිවිඩය කොළඹට යනවා. අරලියගහ මන්දි‍රේට යනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කනට මේක යනවා. ඇහැට යනවා. අප අවධාරණය කරනවා ඒ 1818 නිදහස් ඉල්ලා සටන් වැදුනු ඒ අතීත පරපුරේ නූතන පරපුර අධ්‍යාපනයේ නදහස වෙනුවෙන් දැවැන්ත සටනක් අද ආරම්භකරලා තිබෙනවා. හෝරා කිහිපයක් යන්නට කලින් තව වරු කිහිපයක් යන්නට කලින් මේ සටන දෙස තමන්ගේ අවධානය යොමුකොට වෙන්නට යන අනතුර අවමකරගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒකෙ කිසි සැකයක් නෑ. ඔබ දන්නවා අපේ සටන් පාඨය තමයි රාජ්‍ය අධ්‍යාපනය සුරකිනු. මේක මේ නිකම්ම නිකම් සටන්පාඨයක් නෙවෙයි. රාජ්‍ය අරමුදලෙන් යැපෙන සමස්ථ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් ගෙන යන යටනක්. දෙමළ, සිංහල, මුස්ලිම් භේද නොතකා කම්කරුද නැද්ද නොතකා ඕන කෙනෙකුට අධයාපනය ලැබීමේ ඒ මහා පූජනීය කවුලුව තියෙන්නේ මේ රාජ්‍ය අධ්‍යාපනය හරහා. ඒකෙන් තමයි එස්.බී. උනත් අවේ. ඒකෙන් තමයි ගාමිණී සමරනායකත් ආවේ. ඒකෙන් තමයි සුනිල් නවරත්නත් ආවේ. ඒකෙන් තමයි ඔබ අපි කවුරුත් යමක් ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා ඒක ආරක්ෂා කිරීම දිවි දෙවෙනි කොට කළයුතුයි. වාදයක් නෑ එසම්බන්ධව. ඒ නිසා තමයි වැටුප් නොතකා මාස තුනකටත් දැන් ලඟයි . අවස්ථා තුනක් වැටුප් නොලැබ ඒ මහා සටනට නිරතවෙලා තිබෙන්නේ. ඒ තත්වය අපි හොඳින් තේරුම් අර‍ගෙන තියෙන හින්දා. ඔබ දන්නවා ලංකාවට කීර්තිය අත්පත්කරල දීල තිබෙන්නේ. මේ අධ්‍යාපනයෙන් ශ්ල්පදක්වපු අය තමයි. නීල් ආම්ස්ටොන් හඳට ගිහිල්ල ගෙනාපු වැලි හා ගල හරිආකාරව විද්‍යාත්මක පර්යේෂණවලට නතුකරලා ඒ හඳේ තියෙන ව්‍යුහය, හඳේ සංයුතිය, හඳේ ස්වභාවය, විශ්ලෙශනය කොට හරි ලස්සනට අවුට්පුට් එකක් දෙන්නට නාසා ආයතනයට පන දුන්නේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූ සිරිල් පොන්නම් පෙරුම වගේ අය හින්ද තමයි. කැලනියේ සිල්ලවා හින්ද නෙවෙයි. ඒව දුන්නේ ඒ වගේ නිදහස් අධ්‍යාපනයෙන් ඇත්ත අධ්‍යාපනයෙන් දේවල් ලැබුනු හින්ද තමයි. ඒ නිසා ඒක තමයි නැවත අපිට ඕනේ. අපිට ඕනේ මහාලින්ගම් මහත්තයලා අපිට ඕනේ සිරිල් පොන්නම්පෙරුම මහත්තයලා. දැන් සිරිල්පොන්නම්පෙරුම මහත්තයලාට, මහාලින්ගම් මහත්යලාට ඉන්න දෙන්නෙ නෑ. ඉන්න සිද්ධවෙන විදිහට වැඩකරන්නෑ. ඔවුන් අධ්‍යර්යයට පත්කරලා තිබයනවා. ඔවුන්ව කලකිරීමට පත්කරලා තියෙනවා. ඔවුන් තක්කඩි කියලා කියනවා. ඔවුන් පට්ට හොරු කියලා කියනවා. ඔවුන්ව ප්ලැට් කරලා දානවා කියනවා විනාඩි දහයෙන්. ඔවුන්ව මර්දනය කරල දානවා කියලා කියනවා. ඔවුන් දහදිය දාගෙන මන්මාවත්වල ගමන්කරනවා. ඔවුන්ගේ කකුල්වල දියපට්‍ට එනකන් පාරෙ ඇවිදින්න දාල තියෙනවා. ඔවුන්ගේ ආත්ම ගෞරවය බින්දුවටදාල තියෙනවා. ‍නුපුරුදු වැඩකට යොමුකරලා තිබෙනවා. ඔවුන්ගෙන් පළිගැනීමකට අද නතුකරලා තිබෙනවා. ඊට වාඩා වෙන වැඩ අද ඔවන්ට ප්‍රමුකත්වය ලැබිල තියෙනවා. නැගෙනහිර පළාත්සභාව දිනුවෙනෑ එක්සත් ජනතා නිදහස් සන්ධානය. එහෙ ජනයා තනි බලයක් දුන්නේ නෑ. අඩුයි ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාවක් දුන්නේ නෑ. මොකද කළේ. උදේ හවස දලදා සේවාව වගේ හකීම් සරණං ගච්චාමී කියලා. හකීම් මහත්තයට වැඳවැටිලා. ඉල්ලන ඕනම හත්ඉලව්වක් දෙන්නම් අනේ ඔය හත අපිට දියාන් කියල කිව්ව. හකීම් මහත්තයත් ඒකටම ගැලපෙන හක්කෙනානේ. කල දුටු කල වල ඉහගනු කියලා ඇමතිකම් මෙච්චරායි නියෝජ්‍ය ඇමතිකම් මෙච්චරායි. ඊලඟට මහ ඇමතිකමායි, ඒව ඔක්කෝම කරගෙන හතරගාතෙන් වැටිටුවා ඔය ජනරන්ජන මන රංජන ඔක්කෝම. දැන් උතුරුමැද පළාත් සභාවෙත් එහමෙ තමයි. මහ ඇමති කමදෙන්න නොවඳිනා වැදුම් වඳිනවා. ගැටුමක් ඇතිකරගන්න එපා හොඳේ, හරි නාකයි එහෙම කරගත්තොත් එහෙම කරගන්න එපා. වැ‍ඩිමණාප ගත්ත ඔයත් ශෝක්, ඊලඟට මනාප ගත්ත ඔයත් ශෝක් බර්ටී. ඔයා නෝටි නොවී ඉන්න බර්ටී කියලා කියනවා. පුදුම විදිහේ ලෙන්ගතුකම් දක්වලා හතරගාතෙන් වැටුනම ඒ කඳ අරගෙන ගිහින් වඳිනවා. මේ පළාත් සභාවල බලය අත්පත්කරගන්න. මහඇමති කම් ටික නැවත තහවුරුකර ගන්න. ඔය වඳින වැඳිල්ලෙන් හතරෙන් එකක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉස්සරහට දාපල්ලා. දාන්නෑ මොකෝ මේ රටේ ප්‍රශ්නනේ කතාකරන්නේ. මහඇමතිකම ඉල්ලන්න හෝ දෙන්න නෙවෙයි තියෙන්නේ. ඇමතිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ FUTA එකට තියෙන්නේ. තනතුරු නම්බු නාම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ FUTA එකට තියෙන්නේ. FUTA එක ඉල්ලන්නේ ජාතික අධ්‍යාපනය රාජ්‍ය ධ්‍යාපනය ආරක්ෂාකරපල්ලා. පාසල්වලට ටොයිලට් එක දීපල්ලා. පාසල්වලට වතුරටික දීපල්ලා‍. පාසල්වලට හොඳ ගුරුවරු ටික දීපල්ලා. පාසල්වල ඉන්න ගුරුවරු පුහුනුකරපල්ලා. වතුකරයේ අධ්‍යාපනවේ විශාල විශමතාවයන් ඇතිවෙලා තියෙනවා. ඒවා සම තත්වයකට ගනිල්ලා. නගරයේ පාසල් විතරක් නෙවෙයි නගරයේ පාසලුත් රැකපල්ලා. මහපොල ශිෂ්‍යාධාර ගන්නාළමයින්ගේ මහපොළ වැඩිකරපල්ලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉන්න ඕනෑ අසූඅටදාහක් වෙච්ච ශිෂ්‍යයෝ ප්‍රමාණය‍ට එකොලොස්දාහක්. නිර්දේශ තියෙන්නේ හත්දාස් පන්සිය තිහයි. ඒකෙනුත් ඉන්නේ හාරදහස් තුන්සිය හතලිස් එකයි. තුන්දහස් හත්සිය අසූ නවයක් හිස්කරල තිබෙනවා. අන්න ඒ ටික පුරවපල්ලා. දැන් ඉන්නව එක ආචාර්ය වරයෙකුට ශිෂ්‍යයේ 20ක් කරන්න බෑ. අදින්න බෑ. නියම අනුපාතය අටට එක. අන්න ඒ අනුපාතයට වරෙල්ලා. ඒ නිසා ආචාර්යවරුන් බඳවගනිල්ලා වැඩිපුර. අපි මහාල්න්ගම්ලා හදන්නම්. පොන්නම්පෙරුමලා අපි හදන්නම්. රටට අවශ්‍ය කරන බුද්ධිමය සම්පත අපි හදන්නම්. රටේ දුම්රිය මාවත් හදන, ඒ දැවැන්ත මිනිසා අපි නිර්මානය කරන්නම්. තලෙයිමන්නාරමේ ඉඳලා හදන දුම්රිය පාර හදන්න ඉන්දියාවේ ඉංජිනේරුවරුන්ට දෙන්න එහෙනම් අපි ඉඩ දෙන්නෑ. ඒ වගේ මවවුනියාවේ ඉඳලා යාපනේ පළාලි දක්වා දුම්රිය මාවත හදන්න සුද්දන්ගේ ඉංජිනේරුවන්ට ඉඩ දෙන්නෑ. ඉන්දියාවට දෙන්නෑ. නොරෝච්චෝල බලාගාරයේ වැඩ චීන ඉංජිනේරුවන්ට අපි ඉඩදෙන්නෑ. අපි අපේ රටේ විශ්වවිද්‍යාලවලින් දැවැන්ත දායන්ත්‍රික ශිල්පීන්ව හදලා රටට දායාද කරනවා. අන්න ඒ දෙ‍ කරන්න උදව් කරපාන් කියල කියන්නේ. ඔබ දන්නවා රටේ සමස්ථ ආදායමෙන් 38%ක් වෙන් කරන්නේ ගත්ත ණයවල පොලීවාරික කරන්න. සමස්ථ රාජ්‍ය සේවකයන්ගේ වැටුප වගේ දෙතුණයක් ගත්තණයවල පොලී වාරික ගෙවන්න අපි වෙන්කරනවා. ඒක හරි අමාරු වැඩක්. දරන්න බෑ. යන්න බෑ. ඒක විසඳුමක් හැටියට අපේ අධ්‍යාපනය නංවලා අපේ රටේ මානව සම්පත නංවලා දියුනුකිරීමේ වගකීම අපි කවුරුත් අත්පත්කර ගත යුතුයි. ඒ නිසා තමයි එයට තියෙන රාජ්‍ය අධ්‍යාපනය හරහා එය දියුනු කිරීම නැංවීම ඉතා වැදගත් කියල අපි කියන්නේ. නමුත් ඒකට ඉඩ දෙන්නේ නෑ. ඔබට මතකඇති කුලසිංහ කියලා නිර්මානශිල්පියෙක් සැලසුම් කර්ම ශිල්පියෙක් අපේරටේ හිටියා. මේ වගේම අඳබාල පාලකයෝ කුලසිංහ මහත්තයට ලංකාවේ ඉන්න දුන්නේ නෑ. ඔහුට පිටරටට යන තැනට කටයුතුකරල තිබුනා. කුලසිංහ මහත්තය ගියා මැලේශීයාවට. එහේ රජය පාවඩ දාල පිළි අරගෙන දුන්න මැලේසියාවේ සැලසුම් ශිල්පය සම්බන්ධයෙන් තියෙන ලොකුම තනතුරක්. ඇයි ඒ. ඔහු බද්ධි කදම්ඹයක්. බද්ධිය ටොන් ගානක් තියෙන එක්කෙනෙක්. දැන් ඔහු ඒ වැඩේ කරගෙන යනවා. ඔහොම යනකොට කාලෙකට පස්සෙ මෙහේ ආව ප්‍රශ්නයක් මොකද්ද මෙහේ සැලසුම් ශ්ලිපය පිළිබඳ ශිල්පියෝ නෑ ඒ නිසා මැලේසියාවේ යවලා පුහුනුකරගෙන එන්න ඕන කියලා. එහෙට යැවුව. එහෙදි හොඳට පිළි අරගෙන එක්ක ගියා කාමරේකට.දැන් මොකද කෙරෙන්න ඕන කියල ඇහුව. එතකොට කිව්වා ලංකාවේ දෙකේ දෙකේ ගෙයක්වත් හදාගන්න බෑ හත්වලාමේ. ගෙයක් හදාගන්න අත්තිවරමක්වත් දාගන්න බැරුව තර ගාතෙන් වැටලි ඉන්න්නේ. හරි අමාරුයි. හරී ඕකේ කිවුව දෙන්නම් කිව්ව කට්ටිය. ඔන්න එක්කෙනෙක් ආවා. කවුද ආවේ කුලසිංහ මහත්තය ආවේ. හා කියලා හොඳටම පිළි අරගෙන අපේ කට්ටියව එහේ තියාගෙන පුහුනු කළා. දැන්මේ කවුද? අපට එපා කියලා, වැඩගන්නැතුව, මෙහෙන් පන්පු කුලසිංහ මහත්තයා. ඒක සරදමක් බවට පත්වුනා. ඇයි ඒ? බුද්ධි ගනය. විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් එහෙම තමයි අද. මොරටුව විශ්වවිද්‍යාලයේ ඩිපාන්ට්මන්ට් වැහිලා. රජරට විශ්වවිද්‍යාලයට අවශ්‍ය කරන ආචාර්යවරුන් බඳව ගන්න බැහැ. රුහුණු විශ්වවිද්‍යාලයේත් ඒ ප්‍රශ්නේ තියෙනවා. පේරාදෙණියෙත් ඒක තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලයේත් ඒක තිබේනවා. ඇයි? මේ සොච්චම් සැලකිළිවලට එන්නේ නැහැ. එන්න බැහැ. ඇයි? එලියේ මීටවඩා ලොකුවැ ඕන තරම් තියෙනවා. නැත්නම් පිටරටවල්වලට ඕන තරම් කතාකරනවා. නාසා ආයතනයේ සරත් ගුණපාල මහත්මයා අඟහරු ග්‍රහයාට ගිය යානයේ ඉතා සංවේදී කැමරා හදලා මහත් විප්ලවයක් ඇතිකරලා මාතෘභූමියට කීර්තියක් අත්කරල දුන්නා. අපේ අය අතර ඉන්නවා එහෙම. මම අහලා තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මේ නූතන විදුලි බල අර්බුදයට විසඳුමක් හැටියට පරිසරයත් විනාශ නොවන ඉන්දනවලට යන වියදමත් ලංකාවේම ඉතුරුකර ගන්න පුලුවන් මේ සූර්යා මුලු පැය 12ක්ම මේ පොළොවට වැටෙන මේ සූරි බල ශක්තිය පාවිච්චි කොට මේ විද්‍යුතය නිර්මාණය කිරීමේ ඒ මහා දැනුම අත්පත්කර ගත්ත ඒ ඉන්ජිනේරුවෝ විද්‍යාඥයේ මේ පේරාදෙනිය සරසවිය අත්පත්කරගෙන තියෙනවා. අනික් ඒවයෙත් ඉන්නවා. ඒවායේ කිසිම අඩුවක් නැහැ. නැනෝ තාක්ෂණය අද නවීන තාක්ෂණයක්. ඉතාමත්ම පහසුවෙන් අපේ භෞතික කටයුතු කරගැනීම සඳහා පාවිච්චියට ගතහැකි තාක්ෂණයක්. ඒකේ විධ්‍යාඥයෝ අද ඔබේ විශ්වවිද්‍යාලය අත්පත්කරගෙන ඉන්නවා. කිසිම දෙයක් කරන්න මගක් නැතුව ඉන්නවා. අපි ඒකයි කියන්නේ. වැඩගනූ. ඒ අයට වැඩ දෙනූ. නිදහස් අධ්‍යාපනයෙන් අත්පත්කරගත්ත දැනුම ජාතියේ සංවර්ධනය වෙනුවෙන් පාවිච්චි කරනූ. ඒ සඳහා මුල්ගල් තබනූ. ඒ සඳහා අධ්‍යාපනය සඳහා රාජ්‍යයේ ප්‍රතිපත්තිය‍ වෙනස් කරනූ. අධ්‍යාපනයේ කළමණාකරණය වෙනස් කරනූ. ඒක තමයි රාජ්‍ය අධ්‍යාපනය සුරක්ෂීත කරනූ කියන මහා සටන් පාඨයක් බවට පත්වෙලා තිබෙන්නේ. මේක පඩි වැඩිකරන්න කියල විතරක් කිව්වනම් හෙට වැඩිකරනව. හරි අමාරුයි මේක වෙනමස් කරන්න. ස්වාධීනත්වයෙන් පිරච්ච තැනක් කරන්න හරි අමාරුයි. විශ්වවිද්‍යාල දේශපාලනීකරණයෙන් අයින් කරණ එක හරිම අමාරු වැඩක් මේගොල්ලන්ට, බුද්ධිමතුන් එකතුවෙලා කිව්වොත් එහෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑ කියලා. ඒකට ඉඩ දෙන්නෑ. ඒ වෙනුවට දේශපාලනඥයින්ට ඇඟිලි ගහන්න පුළුවන් ඉඩ ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ සටන ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන සටනක් නිසා තමයි මේ තවම උම්බෑ කියකියා තටම තටම තාම ඉන්නේ. අපි කියනවා ඒ තටමන තැටමිල්ල දැන් අවසන් කළ යුතුයි. එස්.බී. දිසානායක මත්තයගේ සොහොන් ලකුණු පහළවෙමින් එනව. දැන් සුදුකොඩි පේන සයිස් එකක තියෙන්නේ. ඔහුඅගේ දේශපාලන ජීවිතේ දැන් නිකන් ගොක්කොල රෑන් රෑන් පේනවා වගේ. ඒක තමයි අර කියවන්නේ. ඒක තමයි ආචාර්යවරුන්ට බනින්නේ. ඒක තමයි අර උගතුන්ට තක්කඩි කියල කියන්නේ. ඒව තමයි සොහොන් ලකුණු. ඇයි කිව්වෙ. විනාඩි දහයයිලු යන්නේ. අද මේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු ‍මුළු ප්‍රජාවම, සමාජයම අද අත්වැල් බැඳගෙන ඉන්නවා. දැවැන්ත සටනකට. මේ සටන විජයග්‍රහණයෙන් කෙලවර කරනවා මිස ඉන් මෙහා කිසිම අතරමැද සමාදානයකින් විසඳා ගැනීමට FUTA එක සූදානම් නැහැ. ඊට අවශ්‍යකරන සියළුම නායකත්වය දීල තියෙන්නේ. එස්.බී. අසමත්. බන්දුලත් අසමත්. පිට්ටනියට ඇහිල්ලා එක එක ලකුණක්වත් ගන්නැතුව ඩක් එකක් අරගෙන ගිහිල්ලා තියෙන්නේ. යන්නෙනෑ. ඈනුම් ඇර ඇර ඉන්නවා. යනවද මන්ද කිය කියා. ආත්ම ගෞරවය තියාගෙන ක්‍රීඩාගාරයට යනූ. තෙන්දුල් කාර්ලනම් ගියා. බ්‍රයන් ලාරත් ගියා. ලාෆීල් ගෝසෆ්ලත් ගියා. කාලෙකට කලින් ජයසූරියලත් ගියා. දැන් යන්නෑ. ඔවු අද මිඩ්ල් එක ගිහිලා තියෙන්නේ. විකට්එක ගිහිල් තියෙන්නේ. තර්ඩ් අම්පයර් දැන් කියල තියෙන්නේ අවුට් කියලා. පහේ ශිෂ්‍යත්වේ පොඩිඑකත් දැන් අවුට්එක දීල තියෙන්නේ. සාමාන්‍යපෙළ එකත් දැන් අවුට්එක දීල තියෙන්නේ. උසස්පෙළ එකේ එකත් අවුට් එක දීල තියෙන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුත් අවුට්එක දීල තියෙන්නේ. හැමෝම අවුට් එක දීල තියෙන්නේ. වහාම යනූ. එසේ යන්නේ නැත්නම් ඒ යන තැනට වැඩකටයතු සැලැස්වීමේ අපූර්වතමවූ විශ්මිත හැකියාවක් අද FUTAඑකේ නායකත්වය සහ එහි සාමාජිකත්වය රටේ සියළු ජනයා එකතුකරගෙන අද සකස් කරල හමාරයි. මෙයට මුහුණ දෙනු. ජනාධිපතිවරයාට උනත් කියන්නේ ඒකයි. මේකට පස්ස පැත්ත හරවන්න එපා. හරියට FUTAඑකේ සුද්ධවූවනුත් එක්ක සටන් වදින ඒ සුජාත සටන් කාමීන්ගේ ඒ සටනට හරියට මුහුණදීල මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගමූ. ඒ සඳහා අද (20) මේ මහා දැවැන්ත පිටියේ දහස් ගණන් ජනයා මහරෑ බෝ වෙන කොටත් ගෙවල්වලට නොයා අධීෂ්ඨාණ ශීලීව හිටිපයේම හිටගෙන කියන්නේ ඒ නිසාමයි. ඒක වෙනස්වෙන්නේ නැහැ. ඒ සඳහා යන ගමන මොනම හේතුවකින්වත් අපි නවත්වන්න සූදානම්නෑ. ඒ නිසා 24වනදා ගාල්ලේ අයිතිහාසික පුරවරයේ සිට කොළඹ පුරවරය දක්වා පුරා දින පහක් අධිශ්ඨානශීලී මිනිසුන්ගේ පාගමනක් ලෑස්ති කරල තිබෙනවා. ජනී ජනයා දැනුවත් කරන. අපිඒකට ආරාධනා කරනවා පක්ස බේද නැතුව ජාති ආගම් කුළ බේධ නැතුව මුස්ලිම් එක්කෙනා තමන්ගේ තොප්පිය දාගෙන, බෞද්ධ එක්කෙනා තමන්ගේ බෞද්ධ ලකුන දාගෙන, හින්දු එක්කෙනා තමන්ගේ ත්‍රිශූලය අරගෙන, ඒලාම් එක්කෙනා ඒ තනි තරුවයි හඳපලුවයි අරගෙන දකුණේ සිට ඒ දැවැන්ත සටනට නායකත්වය දක්වන් පැමි‍ණෙන්න ඕනෑ. දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා, සිසු දරුවන්ගෙන් අපි ඉල්ලා‍ සිටිනවා ඒ වැඩේට මැදහත්වෙන්න කියලා. ඒ නිසා ඒ වැඩේ කරලා අවශ්‍යනම් සත්‍යග්‍රහ ඒවගේම මහා උපවාස හා මාරාන්තික උපවාස කිරීමේ හසල අත්දැකීමක් ඇති රටේ සිව්කොණ තිබෙන සියළු විහ්වවිද්‍යාල අභියස අවශ්‍යනම් මාරාන්තික උපවාස හෝ සිදුකිරීමට අපි ලෑස්තියි කියන පණිවිඩ අපි එක්කරලා දෙනවා. අපේ මළකඳන් උඩින් තමයි නිදහස් අධ්‍යාපනය වනසනවනම් ඒ වගේම නොමිළේ අධ්‍යාපනය වනසනවනම් අර ජාතික දැවැන්ත දේශප්‍රේමීන් නිර්මාණය කරන අධ්‍යාපනය වනසනවනම් කරන්න වෙන්නේ ඒ කිය නපදනමින් කියන පණිවිඩය අපි ‍ඔබට දෙනවා. ඒ නිසා FUTAඑකේ නායකත්වය විශ්වාස කරන්න. ඒකේ ඔය එක එක ජාතියේ අය නැහැ. හරි ලස්සනට අභිමාත සටනත් එක්ක මධ්‍යගත වෙච්ච හොඳ අවබෝධයක් සහිතව තමයි නායකත්වයේ ඉඳ පල්ලෙහා සාමාජිකයා දක්වා සියලුදෙනා එකට අත්වැල්බැඳගෙන ඉන්නේ. මේක මහා මේරු පර්වතය වගේ. කිසිසේත්ම තාවකාලික ප්‍රවාද වලින් මෙය වලක්වන්න බැහැ. සුහර්තෝගැන කියලා, දේශපාලන හස්තයක් තියෙනවා මේක පිටුපස්සෙ කියලා, තක්කඩි කියලා, බොරු වැටුප් වාර්තා පෙන්නලා, අර අයිටීඑන් එකයි ජාතික එකයි අඳල පෙන්නලා මේක වලක්වන් බැහැ. නියම නායකත්වයක් කාලෙකට පස්සෙ හමුවෙලා තිබෙනවා. ඒ නිසා තැටිය රත්වෙලා තිබෙන්නේ බාමු රොටිය. දැන් තැටිය හොඳට රකත්වෙලා තියෙන්නේ මේකෙ දාන්න ඕන කොත්තු රෝටී අනං මනං නෙවෙයි නියම රොටිය දැන් මේකට දාන්නඕනේ. මේකෙ වෙන වෙන හැලප දාන්න ඉඩක් නෑ. මේකෙ තියෙන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනය සුරකින ප්‍රතිපත්ති සහිත සශ්‍රීක රොටිය තමයි මේකෙ අපිදැන් පුච්චන්න ලෑස්තිකරල තියෙන්නේ. අල ආචාර්යවරු කියල කියන කට්ටියත් අද (20) සාකච්චාවකට දැන් ගිහිල්ලා. ඒ මහා දෙශප්‍රේමී අර නිම්සිරි ජීවකානන් අවුරුදු දහයක්ද පහලොවක්ද වෙනව තවම එම්පිල් එක කරගන්න බැහැ. අයිටීඑන් එකේ මහත්තුරුන්ට කියනව ජ්‍යෙෂ්ඨ කථිකාරචාර්ය කියල දාන්න කියලා. මොන පිස්සුද නිකම්ම නිකම් ආචාර්ය. දැන් ඉතින් පට්ට තර්ක ගේනවා. ඔයිට වඩා හොඳයි තමන්ගේ නවස ලඟම තියෙන නගරෙට ගොස් ඒ තියෙන නගරසභාවෙන් නඩත්තුකරනු ලබන ප්‍රසිද්ධ වැසිකිලියක් විවෘත්ත කරගෙන පිළිවෙලකට වැලඳුවනම්. ඒකට අවශ්‍ය අනුපානය චරිත හේරත් මහත්යගෙන් හරි තව ඉන්න මහත්තුරු කිහිපදෙනාගෙන් හරි අහගෙන වලඳනු පැනවී. ඔයිට වඩා හොඳයි ඒක. ඒ නිසා ඒ පෙලගැහිල ඉන්න දේශද්‍රෝහී නඩේටම කියන්නේ කළ නොහැක්කක් නොමැත කියලය හිතන ජාතියක් තමයි අද FUTAඑක. FUTAඑකේ ක්‍රියාදාරයන් බවට පත්වෙලා තියෙන්නේ. එහෙම ජාතියක් තමයි අද නිදහස් අධ්‍යානය රකින සටනනට නායකත්වය දෙන්නේ. ඒ නිසා අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඕනෑම දෙයක් උපාය උපක්‍රම ක්‍රියාමාර්ග මත පිහිටමින් ඉලක්ක කරා යනවා. හැකිනම් කරනු නොහැකිනම් කෙසේ හෝ කරනු කියන සටන් පාටය තමයි අපි ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් තේරුමුගන්න ඕන ඒක. සුද්ධවූ අරමුණක් දෙනවානම් සුද්ධවූ මිනිසුන් ඒකට නායකත්වය දෙනවානම් එය වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් නැත." මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශීෂ්‍යාවන්, ආචාර්යවරුන් සහ වෘත්තීයසමිත් රැසක් නියෝජනයකරමින් පිරිස සහභාගීවී සිටියහ.

No comments:

Post a Comment