Monday, 24 September 2012
ඇමති රිෂාඩ් තවදුරටත් සැකකරුවෙක් : අධිකරණය අවධාරණය කරයි
මන්නාරම මහේස්ත්‍රාත්වරයාට දුරකථනයෙන් තර්ජනය කර බලපෑම් එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් සැකකරුවකු වන බව මන්නාරම පත්කල මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.
ඒ අද රිෂාඩ් බදියුදීන් මහතාගේ නීතීඥවරුන් පැමිණිල්ලට අදාලව මූලික විරෝධතා ගොනුකළ අවස්ථාවේදීයි.
මෙම සිද්ධිය නිරීක්ෂණය කිරිම සදහා අද අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව අයිතිවාසිකම් පිළිබද විශේෂ නිරීක්ෂක ඕස්ට්‍රේලියානු ජාතික රාජ්‍ය නීතීඥ මාර්ක් ට්‍රෙවෙල් මහතාද අධිකරණයට පැමිණ සිටියේය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නීතීඥවරුන් වැඩිදුරටත් දන්වා සිටියේ තම සේවාදායකයාව වැරදි සහගත ලෙස මෙම සිද්ධියේ සැකකරුවෙකු කර ඇති නිසා නැවත මුල සිට විමර්ශනයක් ආරම්භකරන ලෙසයි.
ඊට ප්‍රතිචාර දැන්වූ මහේස්ත්‍රාත්වරයා මූලික විමර්ශනයක් කිරීමෙන් අනතුරුව ඔහු සැකකරුවෙකු ලෙස නම්කර ඇති බව දන්වා සිටියේය.
මේ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල්මුල් වලින් පහරදී පොදු දේපලවලට අලාභහානි කල බව කියන සිද්ධියට අදාල පැමිණිල්ලද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවනු ලැබීය.
එම සිද්ධියට අදාල සැකකරුවන් 43 දෙනාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.
ඒ අනුව මෙම පැමිණිලි දෙක ලබන ඔක්තෝබර් 4 වෙනි දිනට කැදවීමට නියම කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment