Friday, 28 September 2012

සරසවි සිසු මරණ ගැන චෝදනා පදනම් විරහිතයි

ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී ඊයේ සිදුවු අනතුරකින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු මිය යාම පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා සඳහන් කළේ, එම මරණ රිය අනතුරක් හේතුවෙන් සිදුවු බවට ගම්පහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තහවුරු කර ඇති බවයි. ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳ විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල කිරීම පදනම් විරහිත බව ද ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment