Sunday 23 September 2012

රාජ්‍ය අධ්‍යාපනය සුරැකීමේ පාගමන අද ගාල්ලෙන්

"රාජ්‍ය අධ්‍යාපනය සුරකිමු" යන තේමාව යටතේ සංවිධානය කෙරෙන පාගමන අද (24) දිනයේ දී ආරම්භවීමට නියමිතය. වෘත්තීය සමිති සහ දේශපාලන සංවිධාන විසින් මෙම පාගමන සංවිධානය කොට තිබේ. ගාල්ල නගරයෙන් ආරම්භ වන මෙම පාගමන ලබන 28 වන දින කොළඹට ළඟාවීමට නියමිතය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ලංකා ගුරු සේවා සංගමය සහ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් මෙම පාගමනට සහභාගී වනු ඇති. මෙම පාගමනට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ද සහය දක්වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ ඊ‍යේ (23) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව සඳහා රජය මේ වනතෙක් විසඳුම් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ද හෙට දිනයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් සිසු පාගමනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment