Monday 24 September 2012

මාර්ග කිහිපයක බස් සේවකයෝ වැඩ වරති

හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, හලාවත බස් පර්යන්තයේ සිදුවන කප්පම් ගැනීම්වලට විරෝධය පළකරමින් වර්ජනය ආරම්භ කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බව ඔහු සඳහන් කළේය. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දීර්ඝ කාලයක සිට හලාවත බස් පර්යන්තයේ සිදුවන කප්පම් ගැනීම් හේතුවෙන් පෞද්ගලික බස් රථ හිමියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි. ඒ අතර කිරිඳිවැල - හංවැල්ල සහ කිරිඳිවැල - නිට්ටඹුව පෞද්ගලික බස් රථ සේවකයින්ද වර්ජනයක් ආරම්භ කර තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ‍කිසියම් පිරිසක් ‍පෞද්ගලික බස් රථ සේවකයෙකුට පහරදීම මේ වර්ජනයට හේතුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇති බව කිරිඳිවැල පොලීසිය පැවසීය.

No comments:

Post a Comment