Sunday, 16 September 2012

වනජීවී නිලධාරීන් හා ආදිවාසීන් අතර ගැටුමක්

දඹාන ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් පිරිසක් හා ආදිවාසීන් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ. ගිනි අවියක් සමඟ ආදිවාසියෙකු අත් අඩංගුවට ගෙන රැගෙන් එමින් සිටි වනජීවී නිලධාරීන් පිරිසක් සමඟ එම ගැටුම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය. එහි දී ආදිවාසීන් 10 දෙනෙකු පමණ පැමිණ වනජීවී නිලධාරීන්ට පහර දී අත් අඩංගුවට ගත් පුද්ගලයා මුදා ගෙන ඇති බව සඳහන් ය. පසුව ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලා ඇත්තන් එම ගිනි අවිය සමඟ අදාළ සැකකාර පුද්ගලයා පොලීසියට බාර දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය. එම පුද්ගලයාට වනජීවී නිලධාරීන් පහර දුන් බව පවසමින් ඔහු රෝහල් ගතව සිටින බවත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.

No comments:

Post a Comment