Saturday, 15 September 2012
උසාවියේදී පොලීසියේ නිරුවත හෙළිකරන්න අපි සූදානම් - මහින්ද ජයසිංහ
තමන්ට එරෙහිව නඩු පවරා අධිකරණය හමුවට පමුණුවීමට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැරසෙන්නේනම් පොලීසියේත්, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් නිරුවත හෙළිකිරීමට එය මහඟු අවස්ථාවකැයි ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ 5 වසර ශිෂ්යරත්ව ප්‍රශ්නපත්‍ර පිටවූවේයැයි රටට බොරු තොරතුරු ඉදිරිපත්කළ නිසා ඔහුට එරෙහිව නඩු පැවරීමට යන බවට එක්තරා සති අන්ත පුවත් පතක පළවූ පුවතක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් පැවසූවේ "ඉතාම හොඳයි ඒක. අපි සතුටුවෙනවා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා පොලීසියත් එහෙම කරණවනම්. අපිට පුළුවන් උසාවිය ඉදිරියේදී ඔවුන් කරපු බොරුව ඔවුන් මේ පරීක්ෂණය මුල සිට විශේෂයෙන් අපි අනාවරණය කරපු කරුනුත් ඒ වගේම මේ රටේ අනිකුත් පුද්ගලයින් හා විවිද විද්‍යුත් මාධ්‍ය මගින් අනාවරනය කරපු තොරතුරු. දෙපවුපියන් අනාවරණය කරපු තොරතුරු. ඒ තොරතුරු පසුපස හඹගෙන ගොස් මේ කාරණය ගැන සොයනවා වෙනුවට මේ තොරතුරු ලබාදීපු අපි පසුපස හඹායාම තමයි ඔවුන් දිගමටම සිදුකළේ. ඔවුන් මුල සිටම සිදුකළේ ඒක.
අපිට පුළුවන් අධකරණය ඉදිරියේදී ඒ කරුණු සියල්ල එළිදරව් කරන්න. ඒ වගේම මේ රටේ පොලිසියේ භූමිකාව පිළිඹඳව, මේ රටේ පොලීසිය කටයුතු කරන්නේ කොහොමඳ කියන එක පිළිබඳවත් හෙළිදරව් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඉතාම සතුටින් අධිකරණය ඉදිරියේ ඔවුන් නඩු පවසරනවානම් ඒ නඩුවලට මුහුණ දෙන්නත්. එහිදී කරුණු අනාවරණය කරන්නත් ඔවුන්ගේ නිරුවත හෙළිකරන්නත් කටයුතු කරනාවයි කියන කාරණය අවධාරණය කරනවා." යනුවෙනි.
2011 උසස් පෙළ ඉසඩ් ලකුණු අර්බුදය අවස්ථාවේද මහින්ද ජයසිංහ මහතා මාධ්‍යයට වගකීම් රහිතව තොරතුරු ලබාදී රටම නොමග යැවීමට කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සිදුකර ඇති බවත් වැඩිදුරටත් එම පුවතේ සඳහන්ව ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment