Sunday, 16 September 2012

පොදු විපක්ෂය ගොඩනගනවා

නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇතැයි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. ඊයේ කුරුණෑගල පැවති හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, පොදු විපක්ෂයක් බිහි කිරීමේ උත්සාහයේ තවදුරටත් නිරතව සිටින බවය. ’’අපි හැමදාම කිව්වේ ඒ නායකත්ව ප්‍රශ්නය ආපහු පොදු විපක්ෂයට පටලවා ගන්න ඕනේ නැති නිසා නායකයෙක් ගැන කතා නොකර අපි එකතු වෙමු කියලා නායකයෙක් අවශ්‍ය වෙන්නේ, ජනාධිපතිවරණයකට යන කොට විතරයි. ඒ පුද්ගලයා කවුද කියලා ජනතාව තීරණය කළ යුතුයි. අපි දැනට දේශපාලන පක්ෂයක් රෙජිස්ටර් කරන්න දාලා තියෙනවා ඒ පක්ෂය රෙජිස්ටර් වුනොත් ඒ වෙලාවට ඡන්දයකට යන්න අවශ්‍ය වුනොත් ඔබතුමා කිව්ව වගේ ඉදිරි පළාත් සභා ඡන්දවලදී අපි ඒ ගැනත් දැනට යම් විශ්ලේෂණයක් කරගෙන යනවා. පොදු විපක්ෂය අපි ගොඩනගනවා. පක්ෂය රෙජිස්ටර් කරන්න දාලා තියෙනවා. ඒකට නොයෙක් ප්‍රශ්න ඇති කරනවා. රජය කෙසේ වෙතත් සන්ධාන තියෙනවා. අපේ සන්ධානයක් හදාගන්න පුළුවන් මොන ආකාරයෙන් හරි ඒ ක්‍රියාදාමය සාර්ථක කරගන්න අපි අවශ්‍ය පියවර ගන්නවා’’

No comments:

Post a Comment