Sunday 30 September 2012

ඉරු දින පෞද්ගලික පන්ති වලට එරෙහිව විරෝධතාවක්

පෝය දින හා ඉරිදා පෙරවරුවේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට එරෙහිව බලපිටිය ප්‍රදේශයේ දහම්පාසල් සිසුන් හා ගුරුවරු අද විරෝධතාවක නිරත වූහ. ප්‍රදේශයේ දහම් පාසල් 46 ක ගුරුවරුන් හා සිසුන් ඊට එක්ව සිටි බව අප වාර්තාකරුවෝ පැවසූහ . මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කලද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව විරෝධතාවට එක්වූ බලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය රන්දොඹේ ඥානිස්සර හිමියෝ ප්‍රකාශ කළහ. උන්වහන්සේ ප්‍රකාශ කලේ අද දිනයේ බලපිටිය ප්‍රදේශයේ සියලුම දහම් පාසල් වසා තැබූ බවය. බලපිටිය බස් නැවතුම්පල අසල විරෝධතාවේ නිරතවූ පිරිස් පසුව නගරය මධ්‍යයේ පාගමනක නිරත වූහ.

No comments:

Post a Comment