Wednesday 26 September 2012

තවත් අල්ලස් තැතක් වරදී

රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සහකාරවරයකු අත්අඩංගුවට ගෙන තිබේ. ‍අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම පැවසුවේ මොණරාගල, දොඹගහවෙල, නීලබැද්ද පදිංචිකරුවෙකුගෙන් එම අල්ලස් මුදල ලබාගනිද්දී ඔහු අත්අඩංගුවට ගත් බවයි. රජයේ ඉඩමක වගා කිරීමට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීම සදහා සැකකරු අල්ලස් මුදල ලබාගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරණාගල ලියන්ගොල්ල බීට්ටු වන කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකි.

No comments:

Post a Comment