Wednesday, 26 September 2012

මන්ත්‍රී හිමියන්ට පහර දුන්නා යැයි හිටපු සෙබළෙකු අත්අඩංගුවට

හොරොව්පතාන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු වන ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට පත් සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකු ලබන 2 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ සැකකරු ‍කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 23 වැනිදා රාත්‍රියේ හොරොව්පතාන , ඉහල දිවුල්වැව ශ්‍රි ජිනරතනාරාමයට ඇතුලු වී එලෙස පහර දී ඇති බවට සැකකරුට චෝදනා එල්ල වී තිබේ. පහරදීමට ලක් වු බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන් පාසල් ගුරුවරයකු ද වේ.

No comments:

Post a Comment