Friday, 28 September 2012

අඟහරු මතුපිට ජලය තිබූ බවට පැහැදිලි සාක්ෂි

අඟහරු ග්‍රහයා මතුපිට ජලය පැවති බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි, නාසා විද්‍යාඥයෝ පවසති. ඔවුන් මේ පිළිබඳ අනාවරණ කර ගනු ලැබූවේ, අඟහරුගේ ගේල් ආවාටය ආශ්‍රිතව ගවේෂණයේ යෙදෙන කියුරියෝසිටි රෝවරයෙන් ලබාගත් ඡායාරූපවලට අනුවයි. වේගයෙන් ජලය ගලාගිය බවට සැලකෙන ඇල පතුලක ඡායාරූප කියුරියෝසිටි රෝවරය මගින් පෘතුවියට එවා තිබේ. අඟහරු පිළිබඳ මීට පෙර ගවේෂණයේ යෙදුනු චන්ද්‍රිකා ජල පාරවල් ගලා ගිය බවට වූ ඡායාරූප ලබා ගනු ලැබුව ද කියුරියෝසිටි රෝවරය භූමියේ සිට ලබා ගත් ඡායාරූපවලට අනුව සැබෑ ලෙසම එවැනි ජලපහරක් පැවති බවට සාක්ෂි සපයන බව ඒජන්සි වාර්තා සඳහන් කළේය. එම දියපාරෙහි පතුල විශ්ලේෂණය කළ විද්‍යාඥයින් පවසන්නේ, එහි ඇති පාෂාණ වැලි හා බොරළුවලින් සැදී ඇති බවයි. එම පාෂණ ජයලට හසුව ඛාදනය වී ඇති බව ද විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment