Friday, 28 September 2012

සිසු, ඇඳුරු පා ගමන් කොළඹට: මාර්ගවල තදබදයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් දිවයිනේ ස්ථාන දෙකකින් ආරම්භ කළ පා ගමන් මේ වනවිට කොළඹට ඇතුළු වී තිබේ. ඔවුන් එම විරෝධතා පා ගමන් ආරම්භ කළේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු වහා විසදන්නැයි බල කරමිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මුලිකත්වයෙන් පැමිණෙන විරෝධතා පා ගමන පසුගිය 24 වැනිදා ගාල්ලෙන් ආරම්භ කෙරිණ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමන ආරම්භ කෙරුණේ මහනුවරිනි. අප වාර්තාකරුවන් පවසන්නේ එම පා ගමන් හේතුවෙන් මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවයි. ඒ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ පවතින රථවාහන තදබදබදය පාලනය කිරිම සඳහා නිලධාරින් යොදවා ඇති බවයි.

No comments:

Post a Comment