Sunday 16 September 2012

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දීලා

බඩල්කුඹුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ත්‍රීරෝද රථයකින් ඔවුන් පොලීසියට රැගෙන ඒමේ දී එම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය. පොලිස් හදිසි ඇමතුම් අශයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මොණරාගල රෝහලට ඇතුළත් කර තිබේ.

No comments:

Post a Comment