Sunday, 16 September 2012

විපක්ෂය අනිවාර්යෙන්ම එකමුතු විය යුතුයි

පසුගිය මැතිවරණ ප්‍රථිපල විමසා බැලීමේ දී විපක්ෂය එකමුතු වීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ කුරුණෑගල දී පැවසීය. ’’ මේ රටේ අවුරුදු 50 ක් 60 ක් තිස්සේ පැවතුණු දේශපාලන සංස්කෘතිය මම පිළිගන්නේ නෑ මේ රටේ ජනතාවට හොඳක් කළා කියලා. මම හිතනවා මේකට තියන හොඳම ක්‍රමවේදය 2010 ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රමවේදය තමයි පොදු විපක්ෂයක් එක්සත් වෙච්ච අවස්ථාව. ඒ ක්‍රමවේදය නිසා මමත් දේශපාලනයට ඇදිලා ආවා. අදත් විපක්ෂය ශක්තිමත් වෙනන් ඕන නම් පහුගිය කාලේ දිගටම තිබුණු මැතිවරණ වලදී ලැබුණු ප්‍රතිපල අනුව තමුන්නාන්සේලාට මේක හැමදාම පැහැදිලි වෙනවා. අපි අනිවාර්යෙන්ම විපක්ෂය එකමුතු විය යුතුයි.’’

No comments:

Post a Comment