Tuesday 18 September 2012
භාරත ඝාතනය: සැකකරුවන් යළි බන්ධනාගාරයට
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා ඇතුළු ඔවුන්ගේ ආධාරකරුවන් අතර වෙඩි හුවමාරුවූ ස්ථානයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අතුළු සිව් පුද්ගල ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ අද යළි කැඳවු අවස්ථාවේදීය.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන් 16 දෙනා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු දක්වමින් දැනුම් දුන්නේ නීතිපති උපදෙස් ලැබෙන තෙක් සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
ඒ අනුව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ලබන 2 වැනි දින යළි කැඳවීමට ද නියම කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment