Thursday, 27 September 2012

ගැටුමෙන් පසු කැලයට විසි කළ දරුවා පිඹුරාට අහරක් වෙයි

මීගලෑව, වීරගොල්ල ප්‍රදේශයේ මාස දෙකක් වයසැති බිලිඳෙකු කැලෑවට විසි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 19 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, තම දරුවා ස්වාමියා බලහත්කාරයෙන් තබාගෙන සිටින බවට කාන්තාවකගෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව පොලීසිය කළ පරික්ෂණයකින් හෙළිව ඇත්තේ මව සහ පියා අතර ඇති වු ගැටුමකදී එල්ල කළ පහරකින් බිලිඳා තුවාල ලැබු බවයි. පසුව සිද්ධිය වසන් කිරීමට තුවාල ලැබු බිලිඳා කැලෑවකට විසි කර ඇති බව පොලීසිය පවසයි. මීගලෑව පොලිසියේ නිලධාරින් අද දහවල් බිලිඳා විසිකරන ලද කෑලෑ ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරිමේදී බිලිඳාගේ සිරුරේ කොටස් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසූවේ, බිලිඳා පිඹුරකු විසින් කා දමනු ලබන්නට ඇති බවට සැක පළ කරන බවයි. 18 හැවිරිදි බිලිඳාගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment