Thursday, 27 September 2012

නළඟන නාගයාගේ අයිතිය ඉල්ලයි

කොල්ලුපිටිය රාත්‍රි සමාජ ශාලාවක නාගයෙකු ළඟ තබාගෙන සත්ත්ව හිංසන පනත උල්ලංඝනය කළ බව කියන නළඟනට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව බම්බලපිටිය පොලිසිය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා වෙත දැනුම් දුන්නේය. කෙසේ වෙතත් නළඟන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා තර්ක කරමින් පැවසුවේ ඇය නාගයා ආදරයෙන් බලාගෙන ඇති නිසා සත්ත්ව හිංසන පනත උල්ලංඝනය කර නොමැති බවයි. එමෙන්ම නාගයාගේ අයිතිය තම සේවා දායිකාවට නැවත ලබා ගැනීම සඳහා ඉහළ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව ද ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේය. මෙම පැමිණිල්ල ලබන ඔක්තෝබර් 11 වැනි දින යළි කැදවීමට නියමිතයි.

No comments:

Post a Comment