Friday, 28 September 2012

සිරුරේ සැඟවුණු රත්‍රං කටුනායකදී ඉවතට

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට උත්සහ දැරූ විදේශිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තටුපළ රේගුව පැවසුවේ, ඊයේ රාත්‍රී සහ අද අලුයම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. මොවුන් සතුව තිබී රත්‍රං බිස්කට් 10 ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 1 කට ආසන්නයි. සැකකරුවන් සිය ශරීරවල සූක්ෂමව සඟවා එම රත්‍රං රැගෙන යාමට උත්සහ කර ඇති බව ද ගුවන්තටුපළ රේගුව සඳහන් කළේය. රත්‍රං ‍තොගය රාජසන්තක කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තටුපළ රේගුව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments:

Post a Comment