Thursday 27 September 2012

ඩොල්ෆින් උපතක දුලබ දසුනක්

ඩොල්ෆින් ක්වෙස්ට් හවායි නම් කෘතිම කලපුවෙදී ඩොල්ෆින් සත්ත්වයෙකු උපත ලබන ආකාරය දැන බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය දා උදා විය. මෙලෙස සිය පැටවාට උපත ලබා දුන්නේ කියෝ නම් ඩොල්ෆින් මව විසිනි. පසුගිය සැප්තැම්බර් මස 17 වැනිදා ඇය සිය පැටවා බිහකිරීමේ දී සන්සුන්ව සිටි බව එය නිරීක්ෂණය කළ වෛද්‍යවරු පැවසූහ. ඒ හේතුවෙන් ,පහසුවෙන් අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට හැකි වී ඇත. විදෙස් වාර්තා පවසන්නේ ,ඩොල්ෆින් පැටවෙකු බිහිවී පළමු දින 30 ඉතාමත් තීරණාත්මක බවයි. මුහුදේදී උපත ලබන ඩොල්ෆින් පැටවෙකු ජීවත් වීමේ ප්‍රතිශතය 50 %ක් බව ද පැවසේ. එහෙත් මෙවැනි තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් ද සමන්විත කලපුවකදී උපත ලබන ඩොල්ෆින් සත්ත්වයෙකුට ජීවත් වීමේ අවස්ථාව ඉහළ තත්ත්වයක පවතී.

No comments:

Post a Comment