Sunday, 16 September 2012

ජය ගත් සමහර අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නැහැ

උතුරුමැද,සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය ලැබූ අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලැබුණු විගස ඔවුන්ගේ නම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය. ජයග්‍රහණය කළ බොහෝ අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ රත්නායක මහතා ප්‍රකාශ කළේය. එහෙත් තවත් කිහිප දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට නියමිත අතර ඔවුන් එම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කළොත් හෙට අදාළ නම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරන බව ද,මෙවර වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම අනිවාර්ය කර ඇති බවද අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.

No comments:

Post a Comment