Tuesday 18 September 2012

අර්තාපල්, ටින් මාළු බදු ඉහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් ක්‍රිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් ඉහළ දමා ඇති බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, ආනයනික අර්තාපල් සඳහා මෙතෙක් පැවති රුපියල් 30 ක් වූ ආනයනික බද්ද රුපියල් 50 දක්වා ඉහළ දැමූ බවයි. යල කන්නනයේ අර්තාපල් අස්වනු මේවන විට වෙළඳපොළට ලැබෙමින් පවතින බැවින් ගොවියාට සාධාරණ මිලක් ලබා දීම සඳහා මෙම පියවර ගත් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය පවසයි. ඊට අමතරව ආනයනික ටින් මාළු කිලෝග්‍රෑම් එකක් සඳහා වන බද්ද රුපියල් 25 කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ටින් මාළු කිලෝ ග්‍රෑම් එකක් සඳහා පැවති රුපියල් 50 ක ආනයනික බද්ද රුපියල් 75 දක්වා ඉහළ යනු ඇති.

No comments:

Post a Comment