Saturday, 15 September 2012

ගොයම් මඩින යන්ත්‍රයට හසුවී දරුවෙකු මරුට

අරලගංවිල, යාය 7 ප්‍රදේශයේදී ගොයම් මඩින යන්ත්‍රයකට හසුවීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සිය පියා සමග කුඹුරේ ගොයම් මඩිමින් සිටියදී අද පෙරවරු 10 .00ට පමණ එම දරුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දිඹුලාගල ප්‍රදේශයේ පදිංචිව සිටි මධුරංග දිල්ෂාන් ජයසුරිය නැමති 9 වැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවෙකි. යන්ත්‍රයට ගොයම් ඇතුළු කරමින් සිටියදී ලණුවක් පාදයේ පැටලීමෙන් එම දරුවා යන්ත්‍රය තුළට ඇදී ගොස් ඇති බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment