Saturday, 15 September 2012

විකිරණ සහිත කන්ටේනරය රේගු භාරයට

නෂ්ඨික විකිරණශිලී ද්‍රව්‍ය සහිත කන්ටේනරයක් රේගු භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසුවේ කොළඹ වරාය පරිශ්‍රයේ සවි කර ඇති විකිරණ හඳුනා ගැනීමේ උපකරණ ආශ්‍රයෙන් මෙම කන්ටේනරයේ තිබු විකිරණ ද්‍රව්‍ය හඳුනා ගත් බවයි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නෞකාවකින් ගොඩබෑ එම කන්ටේනරයෙහි සුදු යකඩ සහ ඇලුමිනියම් භාණ්ඩ කට්ටල 125 ක් හමු වී තිබේ. පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ පිළිකා මර්දනයට භාවිත කරන කොබොල්ට් 60 නැමති කෘතිම විකිරණය එම භාණ්ඩවල වැඩි වශයෙන් පවතින බවයි. ඒ අනුව අදාළ භාණ්ඩ දේශිය වෙළඳපොළට නිකුත් කිරිම තහනම් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment