Saturday 8 September 2012

මොණරාගලට දැඩි සුළඟක්

මොණරාගල සහ සියබලාණ්ඩුවේ ගම්මාන කිහිපයක් හරහා හමා ගිය තද සුළඟකින් නිවාස 20 කට හානි සිදුව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, සුළඟත් සමග ගස් කඩා වැටිම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. ඒ අතර අප කළ විමසීමකදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ නැගෙනහිර සහ ඌව පළාත්වල තාවකාලික තද සුළං තත්ත්වයක් බවයි.

No comments:

Post a Comment