Wednesday 19 September 2012

ප්‍රධාන ඝාතන සැකකරු අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ පසුගියදා ඝාතනය කෙරුණු ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ ලද තොරතුරකට අනුව සීදූව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අද අලුයම සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ගම්පහ මුලස්ථාන පොලිස් පරික්ෂක චරිත ඒ.බි. ජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකරනු ලැබ තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු මීට පෙර අධිකරණයට භාරවූ බවත් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය. ගම්පහ නගරයේදී ජුලි මස 13 වැනිදා සැකකරුවන් අදාළ ව්‍යාපාරියාට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබිණ.

No comments:

Post a Comment