Tuesday, 25 September 2012

බර්ටි එස්. එම්. ගැටුම් දුර දිග යයි - මන්ත්‍රී හිමිනමක් රෝහලේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හොරොව්පතාන , ඉහළදිවුල්වැව ශ්‍රී ජිනරතනාරාමයේ විහාරාධිපති ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට පසුගිය 24 රාත්‍රි 9.30 ට පමණ මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. එදින සවස සවස 5.30ත් 6.00ත් අතර මෙම විහාරස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන ඇත. පසුව මෙම මන්ත්‍රී හිමිපානන් වහන්සේ ඔවුන් අසලට ගොස් ඇති අතර එහිදී යම් කතා බහක් ඇතකිවී තිබේ. එය දුර දිගයාමෙන් ගැටුමක් බවට පත්ව ඇති ඇත. එම ගැටුමෙන් රෝගීවූ උන්වහන්සේ රෝහල් ගත කර ඇති අතර මේ වනවිට අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

No comments:

Post a Comment