Monday, 24 September 2012
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසුවේ ප්‍රතිඵල මේ වන විට අන්තර් ජාලයට නිකුත් කර ඇති බවයි.
ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේ සියලු පාසල් වෙත තැපැල් මගින් ද විභාග ප්‍රතිඵල යැවීමට පියවර ගෙන ඇති බවයි.
කොළඹ අවට පාසල්වල ප්‍රතිඵල ලේඛන අද උදෑසන 10 .00 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවෙන් නිකුත් කෙරෙනු ඇති.
මේ අතර ජනප්‍රිය පාසල්වලට සිසුන් තෝරා ගැනීම සහ ශිෂ්‍යාධාර ප්‍රදානය සඳහා දිස්ත්‍රික් අවම ලකුණු සීමාව ද ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි සිසුන් සඳහා කඩයිම් ලකුණු 152 ක් වන අතර දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් සඳහා කඩයිම් ලකුණු සීමාව වන්නේ ලකුණු 149 යි.
හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය ලකුණු සීමාව 148 කි.
දෙමළ මාධ්‍යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලකුණු සීමාව 140 ක් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ එම සීමාව 146 කි.
අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ ලකුණු සීමාව 146 ක් වන අතර අම්පාර, පුත්තලම සහ මොණරාගල එම ලකුණු සීමාව 145 ක් වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව 143 කි.
දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ලකුණු සීමාව 148 ක් වන අතර මඩකලපුව, අම්පාර, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්ක සඳහා එම සීමාව ලකුණු 147 කි.
කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ලකුණු සීමාව 146 කි.
මේ අතර විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ කිසියම් අපේක්ෂකයෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් ඔක්තෝබර් 15 වැනි දිනට පෙර විදුහල්පති මාර්ගයෙන් අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment