Friday 14 September 2012

නුගේගොඩ බෙහෙත් ගබඩාවකට මුද්‍රා

කල් ඉකුත් වු ඖෂධ තොග ගබඩා කර තිබු නුගේගොඩ ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට මුද්‍රා තබා තිබේ. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසුවේ, නීති විරෝධී ලෙස කල් ඉකුත් වු ඖෂධ වලදමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කළ පරික්ෂාවකින් අනතුරුව අදාළ ගබඩාවට මුද්‍රා තැබූ බවයි. එම ස්ථානයේ කල් ඉකුත් වු යැයි සැලකෙන ඖෂධ විශාල තොගයක් වල දමා තිබු අතර කල් ඉකුත් වු තවත් විශාල ඖෂධ තොගයක් ගබඩා කර තිබු බව ද ඔහු සඳහන් කළේ ය. ජාතික ඖෂධ අධිකාරිය පවසන්නේ සිය අවසරයකින් තොරව කිසිදු ඖෂධ තොගයක් වල දැමීමට හෝ විනාශ කිරිමට නොහැකි බවයි. විශේෂයෙන්ම ඖෂධ විනාශ කිරීමේදී භූගත ජලයට හෝ පරිසරයට හානි නොවන අයුරින් කළයුතු බව ද එම අධිකාරිය පෙන්වා දෙයි. ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කළේ, අදාළ සමාගම කිසිදු අවසරයකින් හෝ ප්‍රමිතියකින් තොරව එම ඖෂධ වලදමා ඇති බවයි. එම ඖෂධ තොග යළි ගොඩගෙන ඒ පිළිබඳ පරික්ෂණයක් පැවැත්වීමට ජාතික ඖෂධ අධිකාරිය තීරණය කර තිබේ.

No comments:

Post a Comment