Saturday, 15 September 2012
මතභේදාත්මක චිත්‍රපටයේ අයිතිය අභිරහසක්
ඉස්ලාම් දහමට නිගාදෙන බවට චෝදනා එල්ල වන අමෙරිකානු චිත්‍රපයටයට එරෙහිව මුස්ලිම් රටවල් කිහිපයක ඊයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබේ.
විදෙස් වර්තා පවසන්නේ, මෙහිදී එල්ල වූ පොලිස් ප්‍රහාරවලින් උද්ෂෙකයින් 7 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ බවයි.
සුඩානයේ අමෙරිකානු තානාපති කාර්යාලයට උද්ඝෝෂකයින් පිරිසක් පහරදුන් අතර එහිදී ඇති වූ තත්ත්වය හමුවේ පුද්ගලයෝ 3 දෙනෙක් ජීවිතයක්ෂයට පත් වූහ.
උද්ඝෝෂකයින් මුලින්ම ජර්මන් තානාපති කාර්යාලයට කඩාවැදි දැඩි හානි සිදුකර එහි ඉස්ලාම් ධජය ඔසවා තිබේ.
ඔවුන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ද පහර දීමට උත්සාහ කර ඇතත් මතභේදකාරි චිත්‍රපටයට එම රටවල සබඳතාවක් සම්බන්ධයෙන් කිසිවක් අනාවරණ වී නොමැත.
ටියුනීසියාවේ අමෙරිකානු තානාපති කාර්යාලයතුළට ද උද්ඝෝෂකයින් පිරිසක් කඩාවැදුණු අතර එහිදී ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 2කි.
ඊට අමතරව ඊජිප්තුවේ සහ ලෙබනනයේදී හටගත් අමෙරිකානු විරෝධි උද්ඝෝෂණ අතරතුර තවත් එක් පුද්ගලයකු බැගින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වතත් නබි නායකතුමන්ට නිග්‍රහ කරමින් නිෂ්පාදනය කර ඇති එම චිත්‍රපටය කුමන රටකදී කවුරුන් විසින් නිෂ්පාදනය කරනු ලැබුවේද යන්න තවමත් අබිරහසකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment