සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය සදහා අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් 14 දෙනෙකු මේ වනවිට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පැවසුවේ මේ සදහා වන සම්මුඛ පරික්ෂණ ලබන සතියේ පැවැත්වෙන බව ය.
ඉන් තෝරා ගන්නා පුද්ගලයාගේ නම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කෙරෙනු ඇත.
ලබන මස අවසානයට පෙර නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පත්කරන බව වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ප්‍රකාශ කළේය.
හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා විශ්‍රාම යෑමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එම ධුරයේ රාජකාරි ආවරණය කරනු ලබයි.
No comments:
Post a Comment