සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කරමින් සිටි යුවලක් අලවතුගොඩ අකුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට පත්වූ යේ මාතලේ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නාවික හමුදා නිළධාරියකු හා ඔහුගේ බිරිඳ බව පොලීසිය පැවසුවේ ය.
එම ගංජා තොගය බුත්තල සිට මාතලේ දක්වා ප්‍රවානය කරමින් තිබුණි.
අකුරණ ප්‍රදේශයේ මාර්ග බාධකයකදී ඔවුන් අත්අඩංගුවට ගන්නා විට ගංජා කිලෝග්‍රෑම් 5ක් මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් තිබුණු බව පොලීසිය පැවසීය.
No comments:
Post a Comment