Friday, 12 October 2012

රට සිහිනය බොඳ වූ 21 බන්ධනාගාරයට

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට සුදානමින් සිටියදී මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෝ 21 දෙ‍නෙක් අද අධිකරණය හමුවේ වරද පිළිගත්හ. ඒ සැකකරුවන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. ඒ අනුව ඔවුන්ට දඩුවම් නියම කිරීම මේ මස 25 වැනි දිනට කල් තැබිණ. ඉකුත් 2 වැනිදා අත්අඩංගුවට ගත් ‍එම පිරිස මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment