Friday, 12 October 2012
සරසවි ඇදුරෝ යළි සරසවි එති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවාකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව අද ඔවුහු යළි සේවයට වාර්තා කළහ.
අද සිට විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යථා පරිදි සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පැවසූහ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන්
’’ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය විධායක කමිටුව රැස් වෙලා තීන්දුවක් ගත්තා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන්න. ඒ අනුව අද සිට විශ්වවිද්‍යාල යථා පරිදි සියලු කටයුතු සිද්ධ වෙනවා. අ.පො.ස. උ/පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව වහාම ආරම්භ වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් කළ සියලුම ස්වේච්ඡා සේවා හා කටයුතු අධ්‍යයන කටයුතු සියල්ල සුපුරුදු විදියට වෙනදාටත් වඩා වේගයකින් සහ ධ්‍යෛර්යමත්ව සිදු කරන්න තීන්දුවක් ගත්තා.’’
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment