Friday, 12 October 2012

මම අවධානමක් භාර අරගෙන ඉන්නේ

තමන් රජය කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරයි. අද පෙරවරුවේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සම්මේලනය වත්මන් තත්වය පිළිබඳ පැහැදිළි කළේය. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , සභාපති , විශ්ව විද්‍යාල ආචාර්යවරන්ගේ සමිති සම්මේලනය ’’ හැමෝම බලපෑම් කළා මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අව්‍යාජ ප්‍රවේශයක් අවශ්‍යයයි කියලා.දැන් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා අපෙන් ඉල්ලපු දෙයක් තමයි එතුමාගේ වචන විශ්වාස කරන්න කියලා.දැන් මම පුද්ගලිකව අවධානමක් භාර අරගෙන.ආචාර්ය සමිති සම්මේලනයේ මගේ සහෝදර සාමාජිකයන්ගේ අනුමැතිය නැතුව.මම කියන්න කැමතියි මම විශ්වාස කරනවා.සමහර විට හෙට මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් එන්ඩ බැරි නැහැ.ඒ අවධානම මම භාර අරගෙන කියනවා විශ්වාස කරනවා.එතකොට එතුමාගෙත් ආණ්ඩුවෙත් යුතුකම තමයි මා තැබූ විශ්වාසය ආරක්ෂා ආරක්ෂා කරනවද නැද්ද කියලා තීරණය කරන එක.’’ පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමි , උප සභාපති , විශ්ව විද්‍යාල ආචාර්යවරන්ගේ සමිති සම්මේලනය ’’ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවම Live.බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මැදිහත්වීමෙන් අප වෙත දෙන ලද ලිපියත් , පී.බී.ජයසුන්දර මහත්මයාගේ ඒකාබද්ධ ප්‍රකාශනයත් සහිතව ඒ දීලා තියෙන එම ලිපියත් කියන මේ දෙක පදනම් කරගෙන අපි අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරන්ගේ සමිති සම්මේලනය විසින් ආරම්භ කරපු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවන ලදී.එය ක්‍රියාත්මක වන බවට වෙන විදිහට තමයි FUTA එකේ සියලු සාමාජිකයින් සිය දේශන සඳහා සඳුදා සිට දේශන ශාලා තුළට ගියේ.ආණ්ඩුවට තමයි දැන් තියෙන්නේ තම ශීලාචාරකම පෙන්වනු.’’ ආචාර්ය මහීම් මෙන්ඩිස් , මාධ්‍ය ප්‍රකාශක , විශ්ව විද්‍යාල ආචාර්යවරන්ගේ සමිති සම්මේලනය ’’ සටන ජනතා අරගලයක් විදියට ඉදිරියට ගෙනිහිල්ලා අපි තීරණාත්මක සංධිස්ථානයකට ඇවිල්ලා අපගේ සටන නවත්වන්නෙත් තේජ සම්පන්නවයි කියලා රටවාසීන් දන්නවා.අපි පරාජිතයන් වෙන්නට කිසිදු හේතුවක් නැති බව මේ රටේ සියලුම දෙනා දන්නවා.ඒ සටන ඊයේට වඩා හෙට දවසෙදි ශක්තිමත්ව කළ යුතුයි.අපගේ සටන් කරන්නට වඩාත් හොඳ අඩිතාලමක් පදනමක් අපි දමා තිබෙන බව ඔබ සියලු දෙනා දන්නවා. ’’

No comments:

Post a Comment