Monday, 1 October 2012

අතුරුගිරියේ අනතුරකින් 4ක් මරුට

අලුතින් ඉදිකෙරෙන අධිවේගි මාර්ගයේ අතුරුගිරිය තුන්හඳහේන ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයෝ සිව්දෙනෙක් මියගියහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මිය ගිය පිරිස අතර චීන ජාතිකයෙකු ද වන බවය. අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා රාත්‍රී ජංගම සංචාරයේ යොදවා තිබූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මඩවගුරකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment