Monday, 1 October 2012
ටිකට් හොරකම් කළ විදේශිකයා රිමාන්ඩ්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර සොරාගත් බවට සැකපිට අත්අඩංගුවට පත් බ්‍රිතාන්‍ය ජාතිකයා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ඒ එම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිකුත් නොකළ ප්‍රවේශ පත්‍ර 84 ක් හා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර 19 ක් සමග සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනුණි.
අධිකරණය හමුවට පැමිණවීමට පෙර පොලීසියට ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළ සැකකරු නීතීඥයකුගේ සහය ඇතිව පමණක් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ද දැනුම් දී තිබේ.
අනතුරුව අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ කොලඹ පිහිටි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථානයකින් ප්‍රවේශපත්‍ර සොරාගත් අවස්ථාවේදී ජනතාව ඔහු අල්ලා පොලීසියට භාරදුන් බව ය.
ඒවා ව්‍යාජ ප්‍රවේශපත්‍ර ද යන්න පිලිබඳ පරීක්ෂණයක් පවත්වන බවද පොලීසිය පැවසිය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා වරද පිළිගැනීමට සූදානම් බව ය.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment