Saturday, 13 October 2012
කොරියානු විභාගය මධ්‍යස්ථාන 9 කදී
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද සහ හෙට කොළඹ මධ්‍යස්ථාන 9 කදී පැවැත් වේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පැවසුවේ, ඊට අපේක්ෂකයින් තිස්පන්දහසක් පමණ පෙනී සිටින බවයි.
විභාගය අධීක්ෂණය සඳහා දකුණු කොරියාවේ විශේෂ නියෝජිත පිරිසක් ද දිවයිනට පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.
සභාපතිවරයා පැවසුවේ විභාගයේදී කිසිදු වංචාවක් සිදුකිරීමට ඉඩ නොදෙන බවයි.
ඒ සඳහා විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු පැවසීය.
කොළඹ ඉසිපතන විද්‍යාලය, විශාඛා විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය, අශෝක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලය යන පාසල්වල මෙම විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment