Saturday, 13 October 2012

වෑන් රථයක් ගසක ගැටී 14 ක් රෝහලේ

මහව, කුඩාගම, තලගල්ල පාලම අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, අද අලුයම 4.45 ට පමණ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූවන් මහව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් කුරුණෑගල රෝහලට මාරු කර යවා තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, අනුරාධපුරයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගීවී නැවත පැමිණෙමින් සිටි කටුනායක ප්‍රදේශයේ කර්මාන්තශාලා සේවක පිරිසකි. රියදුරුවරයාට නින්දයාමෙන් එම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

No comments:

Post a Comment