Friday, 12 October 2012

අගහරු ලෝකයෙන් අමුතු ගලක් හමුවේ

අගහරු ග‍්‍රහයා මත ගොඩබැස පරික්ෂණ කටයුතු වල නියැලී සිටින රෝවර් යානයට අසාමාන්‍ය ගලක් අගහරු භූමියෙන් සොයාගැනීමට හැකිවී ඇත. නාසා නිළධාරින් විසින් රෝවර් යානය ආධාරයෙන් ලේසර් කිරණ යොදා ගෙන සිදුකල පරීක්ෂණ වලින් පසුව සනාත වී ඇත්තේ මෙම අසාමාන්‍ය ගලෙහි සාමාන්‍යයෙන් අගහරු මත ඇති ගල් වල ඇති ඛණිජ සංඝටක අඩංගු නොවන බවයි. එමෙන්ම එම අසාමාන්‍ය ගලෙහි ඇති ඛණිජ සංඝටක පෘථවියේ පිහිටි හවායි සහ සාන්ත හෙලේනා දුපත් වල ඇති ගල් වලට සමාන බවයි. එය ඇත්තෙන්ම පුදුමයක්. මෙවැනි ගලක් මින් පෙර අපට අගහරු මතින් හමුවී නෑ. යනුවෙන් නාසා විද්‍යාඥ රැල්ෆ් ගෙලාර්ට් පවසයි. රොවර් යානය අගහරු මත ගොඩබැසීමෙන් සුලූ කාලයකට පසු මිය ගිය නාසා ඉන්ජිනේරු ජේක් මැටිජෙවික් ගේ නමින් නම් කර ඇති මෙම අසාමාන්‍ය ගල වැඩි දුරටත් පරික්ෂා කර අගහරු මත යම් හෝ ජීවයක් පැවතීමට සුදුසු තත්වයක් පවතීද යන්න සොයාගැනීමට උත්සාහ කරන බව නාසා විද්‍යාඥයන් වැඩි දුරටත් පවසයි.

No comments:

Post a Comment