Monday, 1 October 2012

ගාල්ල විද්‍යාලෝක විදුහල තාවකාලිකව වසා දැමේ

ගාල්ල විද්‍යාලෝක මහා විද්‍යාලය මිට ටික වේලාවකට පෙර තාවකාලිකව වසාදැමු බව පොලිසිය පැවසීය. ප්‍රදේශයභාර උසස් පොලිස් නිළධාරියෙක් සඳහන් කළේ අද උදෑසන ,විද්‍යාලයේ වැඩ භාරගත් විදුහල්පතිවරයාට කිසියම් පිරිසක් පහරදි ඇති බව ය. පොලීසිය පවසන පරිදි පහරදිමෙන් තුවාල ලැබු විදුහල්පතිවරයා රෝහල් ගත කෙරුණු අතර ඔහුගේ මොටර් රථයට ද අලාභානි සිදුවිණ. විද්‍යාලය අසළ මේ වන විට පිරිසක් කලහකාරි ලෙසට හැසිරෙමින් සිටින බව පොලිසිය පැවසීය. කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේ, තුවාල ලැබූ, සිසුන් 06 දෙනෙකු හා ගුරු භවතෙකු රෝහලට ඇතුළත් කර ඇති බව ය. විද්‍යාලයේ අද වැඩභාරගත් විදුහල්පතිට විරෝධය පළකරමින් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

No comments:

Post a Comment