Wednesday, 3 October 2012

කොදෙව් ක්‍රීඩකයින් සොයා ගිය බ්‍රිතාන්‍ය කතුන් අත්අඩංගුවට

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින කොළඹ සුපිරි හෝලටයේ ඔවුන්ගේ කාමර සහිත මහලට අනවසරයෙන් ඇතුළු වු බව කියන බ්‍රිතාන්‍ය තරුණියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අදාළ තරුණියන් අද අලුයම 5.00 ට පමණ හෝටලයට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවයි. ඒ අනුව එහි ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සැකකාර තරුණියන් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසියට භාර දී තිබේ.

No comments:

Post a Comment