Thursday 18 October 2012

ධීවර විරෝධයෙන් ගාල්ලේ පාර වැහෙයි

මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාල්ල නාගරික ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් සහිතව මාර්ගය අවහිර වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ධීවරයින් හා මාළු වෙළඳසැල් හිමියන් විසින් පවත්වමින් සිටින දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මෙම මාර්ග අවහිරතාව ඇතිවී ඇති බව සඳහන්ය. ගාල්ල නාගරික මාළු වෙළඳපළ ඉදිරිපිට අනවසර මාළු කඩ පවත්වාගෙන යෑමට විරෝධය දක්වමින් එකී අනවසර වෙළඳසැල් ඉවත් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පවත්වන බව අප වාර්තාකරු කියා සිටියි. තමන් නිසි පරිදි රජයට බදු මුදල් ගෙවමින් වෙළඳාම් කටයුතු කරගෙන ගියද එසේ නොකරන අනවසර වෙළඳුන් නිසා තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට දැඩි ලබපෑමක් එල්ලවන බැවින් මෙම ගැටලුවට වහාම පියවරක් ගත යුතු බව උද්ඝෝෂකයෝ බලධාරීන්ට අවධාරණය කරති.

No comments:

Post a Comment