Sunday, 7 October 2012

දිමුතු ආටිගලට කළුතෙල් ප්‍රහාරයක්

තමන්ට යාපනයේදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල වු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකා දිමුතු ආටිගල මෙනවිය පවසයි. ලෝක ළමා ළමා දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් කිපයකට සහභාගී වී අද (07) නැවත පැමිණීමට යාපනය නල්ලූර් කෝවිල අසලදී වාහනයට නගින විට මෙම ප්‍රහාරය එල්ල වු බව ඇය පැවසුවාය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු තමන් ඇතුළු පිරිස වෙත කළුතෙල් ප්‍රහාරයක් එල්ල කර නිදැල්ලේ පලා ගිය බව ඇය කියා සිටියාය. මෙම කළුතෙල් ප්‍රහාරය ආණ්ඩුවේ අනුදැනුම මත සිදුවූවක් යැයි සැක කරන බවත් යාපනයට පැමිණි දිනයේ සිට කිසියම් පිරිසක් තම කටයුතු පිළිබඳ විමසිල්ලෙන් සිටින බව අවබෝධ වූ බවද ඇය පැවසුවාය. මේවන විට යාපනය පොලීසියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරික්ෂාවට ලක්කරන බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment