Sunday, 7 October 2012

හොරණින් බිළිඳියකගේ සිරුරක් හමු වේ.

හොරණ,මූණගම,දික්හේනගම ප්‍රදේශයේ නිවසක් පිටුපස මිදුලක බිළිඳියක දමා ගිය පුවතක් අද වාර්තා වුණි. නිවැසි කාන්තාව වැසිකිළියට යාමට පැමිණි අවස්ථාවේ දී යම් කිසි ශබ්දයක් ඇසී,විමසිලිමත්ව අවට සෝදිසි කරන විට මෙම බිළිඳිය සොයා ගැනීමට හැකිව තිබේ. ඔවුන් 119 දුරකතන අංකයට කළ දැනුම් දීමකට අනුව,හොරණ පොලීසිය ,අදාළ නිවසට පැමිණ මෙම බිළිඳිය හොරණ මූලික රෝහලට භාර දී තිබේ. හොරණ මූලික රෝහලේ ,නොමේරූ ළදරු ඒකකයේ සිටින බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment