Sunday, 28 October 2012
මේ ආණ්ඩුව යුක්තිය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන වලට පවතින්න ඉඩ දෙන්නෙ නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තඹුත්තේගම දී සම්මන්ත්‍රණයක් පැවැත්වුණි.
'' පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දීපු බොහෝ තීරණ ආණ්ඩුවට හිතකර වුණේ නැහැ.දැන් ආණ්ඩුව සැලසුමක් දියත් කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චකාරතුමියට එරෙහිව එක්කෝ ඇය තර්ජනය හා බලපෑම් හරහා දිනා ගන්න.එහෙම නැත්නං පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනැල්ලා එළියට දාන්න.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳව කැඳව දෝෂාභියෝයට අත්සන් එකතු කරලා තිබෙන්නේ.ඒ නිසා අද අපේ රට නීතිය පසිඳලන,ඒ ආයතනයන්ට එරෙහිව බරපතල කුමන්ත්‍රණයක් ආණ්ඩුව දියක් කරලා තියෙනවා.ඒ කියන්නේ මේ ආණ්ඩුව කිසිසේත්ම නීතිය ,යුක්තිය හෝ සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන වලට කිසි සේත්ම පවතින්න ඉඩක් දෙන ආණ්ඩුවක් නෙවෙයි '
'
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment